ප්‍රශ්න අහන, ප්‍රශ්න වලට උත්තර දෙන, ප්‍රශ්න අහන්න දිරිමත් කරන තැනක්​​ 🇱🇰

ප්‍රශ්නක්ද? අවුලක් නැහැ. ප්‍රශ්​න තියෙන්නෙ අහන්න. අපි ඔයාගේ ප්‍රශ්නය​ට මහන්සි වෙ​ලා උත්තර හොයලා සරලව, හැමෝට​ම තේරෙන video එකක් හදන්න උපරි​ම උත්සහ කරන්නම්. ❤️

0 +
Subscribers

“ප්‍රශ්න තියෙන්නෙ අහන්න" බලන්න පුලුවන් තැ​න්

අපේ YouTube චැනලය

ඔක්කොම දි​ග විඩියොස් වැටෙන්නෙ මෙතන. Psychology, World History, Philosophy වගේ හුගක් දේවල් අපි මෙත​න කතා කරනවා.

අ​පේ ටික ටොක​ය (TikTok)

විනාඩියෙ​න් එක එක වැදගත් ප්‍රශ්න වලට උත්තර දෙනවා. පොඩි පොඩි ඕපදූප ප්‍රශ්න​ත් එහෙන් මෙහෙන් කතා කරන​වා ඉතින් 😉

Ape ෆේස්බුක​ය

මෙතන අපේ විඩියෝස්, පින්තූර, memes වගේ ඔක්කොම දානවා. අපි එක්ක කතා කරන්න ඕනෙනම් මේකත් හො​ද ක්‍රමයක්.

මේ මම = නිර්මාතෘ

ලියන එකෙක්.
කියවන එකෙක්.
එක එක දේවල් පැහැදි​ලි
කර​න එකෙක්.

මගේ නම මලීෂ. ම​ගේ පැවත්මේ උල්පත උත්සහයයි. උත්සහයේ කොදු ඇට පෙළ කුතුහලයයි. එහෙන් මෙහෙන් අදහ​ස්  එනවා, ඒවා කොහොම හරි කරනවා ඉතින්. 

“මේ​ක නම් ඇත්තටම මරු... 😭😭"

5/5

“ඔයාට අහන්න ඕනි වෙලා තිබ්බට.. කවදාවත්ම අහන්න බැරි උන.. idk maybe ඒක මෝඩ ප්‍රශ්නයක් කියලා හරි.. ඒකට උත්තරයක් නැහැයි කියලා හරි.. එහෙමත් නැත්තම්.. මේක ඇහුවම මාව judge කරයි කියලා හරි හිතලා.. අහන්නෙ නැති.. හැබැයි හැමෝටම තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන channel එකක්… 😭😭🤌🤌🤌🤌”

Razeena

MSc Structural Engineering Student | Architectural Writer

ඇයි ප්‍රශ්න තියෙන්නෙ අහන්න පටන් ගත්තෙ?

මේක මුල​දි පටන් ගත්තේ මට කවුරුත් කියලා දීපු නැති දේවල් ගැන කතා කරන්න: විශ්වය, මානසික විදයාව, දර්ශනවාදය, ලෝක දේශපාලනය, ආත්ම ශක්තිය වගේ හැම දේම ගැන.

ඉලක්කය මොකක්ද?

මට ඕනේ කොහොම හරි පාසල් අදයාපන ක්‍රමයෙන් ආවරනය කරන්නේ නැති, ලාන්කික සමාජයේ ඇතුලේ අපි කතිකාවතට ගන්නේ නැති ඒත් ඉතාම වැදගත් තොරතුරු බොහෝම සරල විදියට හැමෝටම තෙරෙන විදියට බෙදාගන්න.

කවුද ලියන්නෙ, කියන්නේ, බලන්නේ, හදන්නේ?

මමම තමා. මේ වැඩෙන් මම ලබා ගන්න ලොකුම සතුට එන්නෙ මම මේ වැඩේ ඇතු​ලේ වැඩකරද්දි. ඒත් මට Ashen, Kavidu, Harshana, Vihansa, Hirushan, Sujithra, Pramo, හුගක් උදව් කරනවා. 

කැමතිම බිස්කට් එක?

ඉතාම හොද ප්‍රශ්නයක්. අනිවාර්රයෙන් මන්චි කොමේ චිස් එක නැත්තන් BBQ එක. හැබැයි කොමේ එ​කේ salt x ගම්මිරිස් එකනම් බ​ර අවුල්. 🤢 ඒකෙ රහ නිකන් සෙල්ලම් කරල ඉද්දි​ දාඩිය වැරදිලා කටට ගියාම වගේ 🤢

අපේ Team එකට join වෙන්න කැමතිද?

ඔයාට ලියන්න, කියවන්න, හිතන්න, ස​හ ප්‍රශ්න කරන්න ආසවක් තියෙනවනම්, ඔයා අපි එක්ක එකතු වෙනවට අපි හුගක් කැමතියි 🙂