මානසික යහපැවැත්ම
භාවනා කිරීම ප්‍රයෝජනවත් කියලා ඔයා හිතනවද? ඔව් හෝ නෑ කියන්න හේතුව මොකක්ද?
මම වර්තමානයේ භාවනාව ගැන කුතුහලයෙන් සිටිනවා. ප්‍රයෝජනවත් බව සිතෙනවා. මට ඒ ගැන දැනුමෙන් පෝෂණය වීමට අවශ්‍යයි
Vikum Dhanushka
Asked: 30 Jan 2026
2 Answers
Please sign in to post an answer.
Ramuwa channel eke programme balanna
Ahas gawwa channel ekth hodi
Podiyat hari danma start karann
00
ඔයා මේ ගැන උනන්දු වෙන එක හරිම වටිනවා, විකුම් ❤️
හුගක් අය හිතන්නේ භාවනාව කියන්නේ ආගමික වතාවතක් කියලා, ඒත් ඒක අපේ මොළේ වැඩ කරන විදිහ වෙනස් කරන්න පුළුවන් ප්‍රබල මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියක්.
අපේ මොළේට පුළුවන් ඕනම වෙලාවක අලුත් විදිහකට හැඩගැහෙන්න. මේකට කියන්නේ නියුරෝප්ලාස්ටිසිටි කියලා. අපි නිතරම භාවනා කරද්දී මොළේ තියෙන බය, කලබලය වගේ දේවල් පාලනය කරන තැන් ටිකෙන් ටික සන්සුන් වෙනවා. ඒ වෙනුවට තීරණ ගන්න පුළුවන් ප්‍රදේශ වර්ධනය වෙනවා.
එතකොට අපිට අපේ සිතුවිලි වලට වහලෙක් වෙන්න දෙන එක නවත්තන්න පුලුවන්. ගොඩක් වෙලාවට අපිට ප්‍රශ්නයක් වුණාම අපි ඒක ඇතුළේම ගිලිලා දුක් විඳිනවනේ. හැබැයි භාවනාවෙන් පුරුදු කරන්නේ ඒ සිතුවිලි දිහා නිකන් බලන් ඉන්න කෙනෙක් වෙන්න. ඒක හරිම නිදහස් හැඟීමක්. හරියට පාර අයිනේ ඉඳන් පාරේ යන වාහන දිහා බලන් ඉන්නවා වගේ. අපි ඒ එක වාහනයකවත් එල්ලිලා යන්නේ නැහැ.
40
Success!