කවි

මීදුම

February 2nd, 2026 by Nisal Induwara
මීදුම

මිටියාවතේ ඈත

වසාගෙන හැඩවන්ව

දුහුල් සළු වස්ත්‍ර හැඳි

ශ්වේත මීදුම් පටල


බලන්නට අසිරිය

තවත් ලංවූ විට

දුටිමි මහ ගිනිකද

නැගෙන විශ කලුදුම


මේ විසල් දිවි කතර

අප පතන සැප සතුට

විටක විෂ කලුදුමක්

ලෙසද පැමිණිය හැක...



5
Share on:

1 comment

Please sign in to post a comment.