ලිපිය

Without a purpose, you will perish

February 28th, 2026 by kaitho kan
Without a purpose, you will perish

Without a purpose, you will perish


මිනිසා සහ ජීවිතය මෙතැනදී යම්කිසි පරමාර්ථයක් මත පදනම් විය යුතුය. පරමාර්ථයකින් තොරව ජීවිතය තුළ සාර්ථකත්වය කරා ගමන් කළ නොහැකිය. අරමුණක් නොමැති මිනිසා අරමුණක් නොමැතිව රුවලක් බිඳුණු නැවක් හා සමානය. ජීවිතය යනු අරමුණක් කරා යන ගමනකි. අරමුණක් නොමැතිව පරමාර්ථයක් නොමැතිව ජීවත් වන මිනිසා සමාජයට කිසිම වැඩක් නොමැති මිනිසෙකි. ලෝකය තුළ විවිධ මිනිසුන් විවිධ අරමුණු කරා යන ආකාරය දැකගත හැක. සමහර මිනිසුන් මුදල් සෙවීම අරමුණු කර ගනියි, සමහර මිනිසුන් සමාජ සේවය අරමුණු කර ගනියි. කෙසේ වෙතත් මිනිසෙකු ජීවත් වීමේදී තමන්ටම ආවේණික වූ අරමුණක් තිබිය යුතු බව මාගේ විශ්වාසයයි.


මිනිසාගේ දියුණුවට සහ සාර්ථකත්වයට මුල පුරන ප්‍රධානම සාධකය වනුයේ තමන්ටම අනන්‍ය වූ අරමුණක් තිබීමයි. මම හිතන ආකාරයට මිනිසෙකු උපතින්ම රැගෙන එන යම්කිසි හැකියාවක් පවතී. එම හැකියාව ඔපමට්ටම් කර ගැනීමට අරමුණක් අවශ්‍ය වේ. "Universe 25" නම් පරීක්ෂණය මගින් ද තහවුරු වී ඇති කරුණක් වන්නේ යම්කිසි ජීවියෙකුට අරමුණක් නොමැති වූ විට ඔවුන් විනාශ වී යන බවයි. මෙය මිනිසාට ද එකසේ බලපාන කරුණකි.


සෑම පුද්ගලයෙකුටම තමන්ගේ ජීවිතය තුළ යම්කිසි අරමුණක් තිබිය යුතුය. අරමුණක් නොමැතිව ජීවත් වන පුද්ගලයා නිතරම මානසික පීඩනයට සහ අසහනයට ලක්වීමට ඇති ඉඩකඩ වැඩිය. අරමුණක් කරා යන මිනිසාට එම අරමුණ ජය ගැනීමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ඉබේම ලැබෙනු ඇත. ඕනෑම බාධකයක් හමුවේ නොසැලී තම අරමුණ කරා යාමට ඔහුට හැකි වනු ඇත.


අප සැම දෙනාම ජීවිතය පිළිබඳව නැවත නැවතත් සිතා බැලිය යුතුය. තමන් ජීවත් වන්නේ කුමන අරමුණක් සඳහාද යන්න තමන්ගෙන් ප්‍රශ්න කළ යුතුය. සාර්ථක මිනිසෙකු වීමට නම් අරමුණක් කරා යාම අත්‍යාවශ්‍යම සාධකයකි. "මම යන ගමන මොකක්ද?", "මගේ අරමුණ මොකක්ද?" යන ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට අප උත්සාහ කළ යුතුය. ලෝකය දිනන මිනිසුන් යනු සෑම විටම තමන්ගේ අරමුණක් කරා පියවර තබන මිනිසුන්ය. මෙම පරීක්ෂණයේ අවසාන ප්‍රතිඵලයෙන් පෙනී යන්නේ ජීවිතයට අරමුණක් නොමැති වූ කලෙක ජීවීන් ක්‍රමයෙන් විනාශයට පත් වන බවයි. මෙහි දී ඔවුන් තමන්ගේ මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට පමණක් පෙළඹී සිටි අතර, ඔවුන්ට කිසිදු පරමාර්ථයක් හෝ අභියෝගයක් නොතිබුණි. "Universe 25" පරීක්ෂණය මගින් මිනිසාට ද ලබා දෙන පණිවිඩය වන්නේ මෙයයි.


අද වන විට බොහෝ මිනිසුන් මානසික පීඩනයට ලක් වීමට ප්‍රධානම හේතුවක් වන්නේ තමන්ට නිසි අරමුණක් නොමැති වීමයි. අරමුණක් නොමැති වූ විට මිනිස් මනස තුළ පවතින "Dopamine" වැනි හෝර්මෝන ක්‍රියාකාරිත්වය අඩපණ වේ. Dopamine මගින් මිනිසාට යම්කිසි දෙයක් කිරීමට අවශ්‍ය කරන උනන්දුව සහ සතුට ලබා දෙයි. නමුත් අරමුණක් නොමැති පුද්ගලයෙකුට මෙවැනි හෝර්මෝන ක්‍රියාකාරිත්වයකින් ඵලක් නොවේ.


අද පවතින තාක්ෂණික ලෝකය තුළ බොහෝ දෙනා සමාජ මාධ්‍ය (Social Media) හෝ Video Games වැනි කෙටි කාලීන වින්දනයන් ලබා දෙන දේවලට ඇබ්බැහි වී සිටිති. මෙහිදී සිදු වන්නේ අපගේ මොළය තුළ ඉතා පහසුවෙන් Dopamine නිපදවීමයි. මෙවැනි පහසු ක්‍රම මගින් Dopamine ලබා ගැනීමට පුරුදු වූ මොළය, මහන්සි වී අරමුණක් කරා යාමට අකමැති වේ. මේ නිසා මිනිසා තුළ පවතින නිර්මාණශීලී හැකියාවන් සහ අනාගත අරමුණු ක්‍රමයෙන් ගිලිහී යයි.


මිනිසෙකු ලෙස සාර්ථක වීමට නම් කෙටි කාලීන සතුට පසුපස හඹා නොගොස්, දිගු කාලීන පරමාර්ථයක් කරා ගමන් කළ යුතුය. එසේ නොවුවහොත් අප ද "Universe 25" පරීක්ෂණයේ මීයන් මෙන් අරමුණක් නොමැතිව වඳ වී යාමට ඉඩ ඇත.

ඔයා හිතන්නේ මොකද්ද ඔයාලත් එහෙම වැඩ වෙලා යයිද🤓


6
Share on:

2 comments

  • Dulana Nimsara
    Dulana Nimsara
    01 Mar 2026
    Universe 25 kiyanne mokada
    1 1 reply

Please sign in to post a comment.