කවි

අතීත මතකයන්

March 11th, 2026 by Alan Raza
අතීත මතකයන්

ආසයි මාත් මතකයක ඇවිදින්න

මතක පිටු පෙරලමින් ගැලරියක කිමිදෙන්න

කිමිදිලා කිමිදිලා මතක සුව විඳගන්න

විඳගත්ත මතකයන් එක්ක ජීවත් වෙන්න


ඒත්.............


අතීතයෙ මතකයන් නැවත සිහි ගන්වන්න

හදනකොට තේරෙයි ඒ අතර ඇති වෙන්න

තිබෙන බව මතකයන් තුටු වෙවී හිනැහෙන්න

වාගේම කඳුලු බිඳු වගුරමින් දුක් වෙන්න



written by Alan

2
Share on:

2 comments

Please sign in to post a comment.