වයස් බේදයක් නැතුව අපි හැමෝම ආසාවෙන් කන චොකලට්, අපි ලගම ඉන්න අපේ සුරතලුන්ට හොද නෑ කියලා ඔයා මිට කලින් අහලා ඇති. හැබැයි ඒ ඇයි කියලා මෙච්චර කල් දැනන් හිටියේ නැත්නම් ඒ ඇයි කියලා අපි අද විඩියෝ එකෙන් ඔයාට පැහැදිලි කරලා දෙනවා.

චොකලට් වල තියෙන සංඝටක අතරින් ප්‍රධානම සංඝටකයක් තමයි theobromine කියලා කියන්නේ. කොකෝවා ගස් වලින් ගන්න මෙන්න මේ theobromine මිනිස්සු වෙන අපි ආහාරයට ගත්තම ඒක ශරීරයට ඇතුල් වෙලා පරිවෘත්තීය ක්‍රියාවලියකට භාජනය වෙනවා. මිනිස් ශරීරයට මේ ක්‍රියාවලිය ස්පීඩ් එකේ කරගෙන යන්න පුළුවන් වුනත් පූසන්ගේ සහ බල්ලන්ගේ මේ ක්‍රියාවලිය ඒ තරම් ස්පීඩ් එකේ සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ නිසා එයාලගේ ඇගේ ඇතැම් විෂ නිෂ්පාදනය වෙන්න පටන් ගන්නවා. මේ විෂ නිසා එයාලා අසනීප වෙනවා වගේම සමහරක් අවස්ථා වලදී tමේ විෂ නිසා එයාලගේ ජිවීතය පවා නැති වෙන්න පුළුවන්.

ඉතින් මේ theobromine ගැන තව පොඩ්ඩක් කතා කලොත්, මේ සංඝටකය මුලින්ම ලෝකයේ හොයා ගත්තේ biochemist ලා දෙන්නෙක් වුන Hermann Emil Fischer සහ Lorenz Ach began විසින් 1878 අවුරුද්දේදීයි. හැබැයි මේ සං‍යෝගය සතුන්ට විෂයි කියලා ඒ ව්නකොට කවුරුත් දැනගෙන හිටියේ නැහැ.

ඒවගේම තමයි 2005 අවුරුද්දේ PLoS Genetics ජර්නල් එකේ සදහන් වෙලා තිබුන විදියට බල්ලෙක් තමන් හොයා ගත්තු චොකලට් එකක් කන්න පෙළබුණත්, පූසන්ට සහජයෙන්ම ඇවිල්ලා තියෙන ඉව නිසා එයාලා චොකලට් කන්න ඒ තරම් ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ. හැබැයි පූසෙක් චොකලට් එකක් කෑවොත් ඒකෙන් ආරක්ෂා වෙන්න ක්‍රමයක් එයාලගේ ශරීරයේ නැහැ. 

අනිත් කාරණය තමයි වයිට් චොකලට් වලට වඩා වැඩි ප්‍රමාණයක් theobromine, ඩාර්ක් චොකලට් වල අඩංගු වෙනවා කියන එක. 2011 අවුරුද්දේ Veterinary Emergency and Critical Care ජර්නල් එකේ සදහන් වුන විදියට පූසෙක්ගේ හරි බල්ලෙක්ගේ හරි ශරීරයට මිලිග්‍රෑම් 20 ක theobromine ප්‍රමාණයක් ඇතුල් වුනොත් එයාට වමනය, බඩ එලිය යාම, හුස්ම ගැනීමේ අපහසුතා, කෝමා තත්වයන් වගේම සිහි මද ගති ඇති වෙන්න පුළුවන්. ඒවගේම මිලිග්‍රෑම් 60 කට වඩා ඇතුල් වුනොත් ඔයාගේ සුරතලා මිය යන්න තියෙන අවධානම ගොඩක් වැඩි වෙනවා.

2013 අවුරුද්දේ ASPCA Animal Poison Control Center එක පල කරපු වාර්තාවකට අනුව උත්සව කාල වලදී සුරතල් සතුන් අසනීපයට පත් වෙන ප්‍රධානතම ආහාරයක් තමයි චොකලට් කියන්නේ.

ඉතින් මෙන්න මේ නිසා අදින් පස්සේ ඔයාගේ සුරතලාට මොනම හේතුවක් නිසාවත් ඔයා රස කර කර කන චොකලට් එකක් දෙන්න හිතන්න වත් එපා.

එයා හුරතලෙන් ආසාවෙන් ඔයා දිහා බලලා චොකලට් කෑල්ලක් ඉල්ලුවත්, ඒවට රැවටෙන්න නම් හිතන්න වත් එපා.  

ආව එකේ තව මොන​වා හරි විනාඩි 2​න් ඉගෙනගෙන යන්​න ;)